ලග්ගල හේන් වගා සරුවෙයි

ඉන්දික අරුණ කුමාර - නාඋල සහ කාංචන කුමාර - දඹුල්ල

0 67

මාතලේ – ලග්ගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ගොවි ගම්මාන රැසක මේ වන විට හේන් ගොවිතැන් කටයුතු ආරම්භ වී තිබේ.

පාරම්පරික හේන් වගාවෙන් යැපෙන ලග්ගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වෙසෙන ගොවි පවුල් සංඛ්‍යාව සිය ගනනකි.

පැරණි ආකාරයෙක් වල් කොටා සකසන ලද හේන් වල වගා කටයුතු සදහා තරුණ තරුණියන් ද එක්වී සිටින අයුරු පසුගිය දා (26) විල්ගමුව ප්‍රදේශයේ සිදුකරන ලද සංචාරයක දී අනාවරණය විය.

කුරක්කන්, තුඹ කරවිල, කව්පි, බෝංචි, මෑකරල් සහ වී මේ හේන් තුළ දක්නට ලැබෙයි.

වස විසනේ තොර ගොවිතැන් රටාවකට හුරුවී සිටි ලග්ගල හේන් ගොවියා මේ වන විට කෘෂි රසායනවලට ද හුරුවීමට සිදුවී ඇති බව ද මෙහිදි ගොවින් කියා සිටියේය.

පැරණි ක්‍රමයට හේන් වගාව සදහා ඉඩම් ලබානොදීම මෙන්ම වනය හෙළි කිරිම්වල දි පවතින නීති හේතුවෙන් වගා කරන ලද පැරණි හේන්වලට යළි වගා කිරිමට සිදුවීම හේතුවෙන් පළිබෝධ නාශක හා කෘෂි රසායන නව වගාවන්වලට යෙදීමට තමන්ට සිදුවී ඇති බව ඔවුහු කියා සිටිති.

අතීතයේ සුවිශාල ගස් නොකපා ලදු කැළෑ පමණක් කපා සිදුකල හෙන් වගා අවසානයේ ඉතිරිවන ළඳු කැලෑවලට වන අලි පැමිණෙන බවත් ඒ හේතුවෙන් ගම්මානවලට පැමිණ ආහාර සෙවිමක් වන අලින් තුළ නොපැවති බවත් ගොවිහු කියා සිටියහ.

වසර ගනනාවක් තිස්සේ වනයට හානි නොවන අන්දමින් කෘෂි රසායන නොමැති ගොවිතැනට ගොවින් පුරුදු වී සිටියේ නව දැලි හේනේ වගා කිරිම් තුළින් බව ද ඔවුහු කියා සිටිති.

කෙසේ වෙතත් අත්පත් කර ගැනීමට නොව වගාවට හෝ යම් ක්‍රමවේදයක් යටතේ රජය සතු ඉඩම්වලින් කොටසක් හෝ තමන්ට ලබාදෙන වැඩ පිළිවෙලක් සකසන්නේනම් වන අලි ගැටළුවට මෙන්ම කෘෂි රසායන ගැටළුවට ද විසදුම් ලැබෙන බව ලග්ගල හේන් ගොවියෝ කියා සිටිති.

Hits: 1

You might also like
Comments
Loading...