යාපනය යුධ හමුදාව සිවිල් වැසියන් වෙනුවෙන් නව නිවාස දෙකක් පරිත්‍යාග කරයි

මාධව - කුලසූරිය වවුනියාව

0 10

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් අඩු ආදායම්ලාභි පවුල් දෙකක් වෙනුවෙන් නව නිවස දෙකක් සකස් කොට පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් යාපනය ආරක්ෂක සේනා ආඥාපති ‍මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(27) සිදුකෙරිණ.

යාපනය කරෙයිනගර් හා පුත්තූර් ප්‍රදේශයන්හි පදිංචි තම්බිරාසා මතියලගන් හා එස්.සුරේෂ්කුමාර් යන  අයගේ පවුල් වෙනුවෙන් නව නිවස පරිත්‍යාග කළහ.

දානපති මොහාන් සංකර් මහතාගේ මූල්‍ය දායකත්වයෙන් යාපනය ආරක්ෂක සේනා 15 වන ගජබා බලසේනා යුධ හමුදා නිළධාරීන්ගේ හා 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් නව නිවස ඉදිකොට තිබිණ.

වැඩසටහන් අවස්ථාවට යාපනය ආරක්ෂක සේනා 51 සේනාංකාධිපති, 52 සේනාංකාධිපති, බළසේනාධිපතිවරුන් ඇතුළු යාපනය ආරක්ෂක‍ සේනා උසස් නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වි සිටියහ.

Hits: 2

You might also like
Comments
Loading...