ඔමික්‍රෝන් ව්‍යාප්ත වූ රටවල් ගණන තවත් ඉහළට

0 54

ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය හඳුනාගත් රටවල් සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම කොවිඩ් ප්‍රභේදය ලොව පුරාම මේ වන විට වඩාත් වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා.

ඒ අනුව පසුගිය පැය 24ක කාලය තුළදී දකුණු අමෙරිකාවේ බ්‍රසීලයෙන්, නයිජීරියාවෙන්, නෝර්වෙන්, අයර්ලන්තයෙන් සහ සෞදි ආරාබියෙන්ද මෙම කොවිඩ් නව ප්‍රභේදය හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස හඳුනා ගැනුණු ආසාදිතයන් සියලු දෙනා අප්‍රිකාවේ රටවල සංචාරය කර ආපසු සිය රටට පැමිණි පිරිස් බවයි වාර්තා වන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ කොවිඩ් මර්දන එන්නත් ලබානොගත් වයස අවුරුදු හැටට වැඩි පුද්ගලයින් ඔමික්‍රෝන් ව්‍යාප්තියක් සහිත රටවල සංචාරයෙන් වළකින ලෙසයි.

එසේම දිගුකාලින බෝ නොවන රෝගවලින් පෙළෙන වැඩිහිටියන්ටද එම නිර්දේශය අදාළ වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසවන්නේ.

 

Hits: 6

You might also like
Comments
Loading...