නාඋල පොලිසියේ 11 කට කොරෝනා

ඉන්දික අරුණ කුමාර - නාඋල

0 17

නාඋල පොලිසියේ නිලධාරින් එකොලොස් දෙනෙකුට (11) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

ඊයේ දිනය (01) වන විට නාඋලින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාධිතයින් සංඛ්‍යාව 16ක්.

පොලිස් කොරෝනා මර්ධන ඒකකයට අනුව නාඋල වැව පහල 04 ක්(නාමගල් විදුහල සිසුන් 02 ක් ද ඇතුළුව), පුබිබිලිය ග්‍රාමයෙන් එක් ආසාදිතයෙකු ද ඇතුව නාඋල පොලිසියෙන් වාර්තා වූ කෝවිඩ් ආසාධිතයින් 11 ත් සමග සමස්තය 16 දක්වා එක් දිනක් තුළ ඉහළ ගොස් තිබෙනවා.

මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාල නිලධාරින් අඛණ්ඩව සිදුකරනු ලබන ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවන් සහ PCR පරික්ෂාවන් හේතුවෙන් නව රෝගීන් අනාවරණය වන බවත්, නිරන්තරව මහජනතාව සෞඛ්‍ය පුරුදු කෙරෙහි දැඩි අවධානයක් යොමුකිරීම අඛණ්ඩව සිදුකල යුතු බවත් නාඋල පොලිසියේ කෝවිඩ් මර්ධන ඒකකය වැඩිදුරටත් කියා සිටිනවා.

 

You might also like
Comments
Loading...