වවුනියාවේදීත් ගෑස් ලිපක් පුපුරයි [Photos]

මාධව කුලසූරිය - වවුනියාව

0 62

වවුනියාව, වේරගම රජයේ සේවක නිවාස ව්‍යාපෘතියේ නිවාසයක ගෑස් ලිපක් ඊයේ(01) පුපුරා ගොස් ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

ගෑස් ලිප පිපුරුණු නිවසේ ගෙහිමි කාන්තාව කියා සිටියේ තමන් ගෑස් ලිපෙන් ආහාර පිසීමෙන් අනතුරුව ගෑස් ලිප වසා තිබියදී එකවර ගිනි දැල්ලක් මතුවි ගෑස් ලිප පුපුරා ගිය බවයි.

ගෑස් ලිප ගිනි ගැනීම සම්බන්ධයෙන් අසල්වැසියන් දැනුවත් කොට, ගෑස් සිලින්ඩරයෙන් රෙගියුලේටරය ගලවා සිද්ධවීමට ගිය දැඩි විනාශය වළක්වාගත් බවද ගෙහිමි කාන්තාව වැඩිදුරටත් කියා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව ඉරට්ටපෙරියකුලම පොලිස් නිළධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර, පොලිසිය පැවසූවේ සිදුවීම පිළිබඳ පරීක්ෂණයක් පවත්වන බවයි.

Hits: 2

You might also like
Comments
Loading...