කොන්දේසි 03 කට යටත්ව අද (05) සිට නැවතත් වෙළෙඳපොලට ගෘහස්ථ ගෑස් නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අනුමැතිය ලබා දී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
එහි දැක්වෙන්නේ, මේ සම්බන්ධ පරික්ෂණ වාර්තා සහ අදාල තාක්ෂණික කමිටුවේ නිර්දේශ අනුව, කොන්දේසි කිහිපයකට යටත්ව අද සිට ගෘහස්ථ ගෑස් වෙළඳපොලට නිකුත් කිරීමට තීරණය කර ඇති බවයි.
Hits: 1