ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන්ගෙන් සමස්ත සංඛ්‍යාව 568,423ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ(06) දිනයේදී ද ආසාදිතයන් 741 දෙනෙක් වාර්තා වූ බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.
සමස්ත කොවිඩ් ආසාදිතයන්ගෙන් මේ වන විට ආසාදිතයන් 542,688 දෙනෙක් සුවය ලබා ඇති අතර තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 11,251ක් බවද සඳහන්.
මේ දක්වා මෙරටින් කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් මියගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 14,484ක් වනවා.
ඊයේ (6) දිනයේදීද මෙරටින් කොවිඩ් මරණ 23ක් පමණ වාර්තා වී තිබෙනවා.
ඒ අතර 15 දෙනෙක් පිරිමි පුද්ගලයන් වන අතර සෙසු අට දෙනා කාන්තාවන් වනවා.
මේ අතර කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ එක් මාත්‍රාවක් ලබාගත් පිරිස 15,945,546ක් වන අතර ඉන් 13,766,610 දෙනෙක් දෙවන මාත්‍රාවද ලබාගෙන තිබෙනවා.
බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව 956,946ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Hits: 5