අඹුසැමියන් අතර ඇති වූ ආරවුලකින් තුවාල ලබා රෝහල් ගත කර සිටි සැමියා මිය යාමේ පුවතක් නවගමුව, රණාල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
පොලිසිය කියා සිටියේ රණාල ප්‍රදේශයේ නිවසක සැමියා බීමතින් පැමිණ බිරිඳ සමග ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් බිරිඳට පොල් ගෙඩියකින් හිසට පහරදී ඇති බවයි.
ඉන් කෝපයට පත් බිරිඳ අතෙහි තිබූ පිහියෙන් සැමියාගේ ගෙල ප්‍රදේශයට පහරදීමක් සිදු කර ඇති බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.
දෙදෙනාම තුවාල ලබා සිටියදී අසල්වාසීන් විසින් නවගමුව රෝහල වෙත ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
එලෙස කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පිරිමි පුද්ගලයා මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
පොලිසිය පැවසුවේ මොරකැටිය යාය 07 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ වයස අවුරුදු 50ක් පමණ වන පුද්ගලයෙක් මෙලෙස මියගොස් ඇති බවයි.
අදාළ යුවළ මීට මාස දෙකකට පමණ පෙර නවගමුව රණාල ප්‍රදේශයේ බෝඩිමකට පැමිනි ඇති අතර සැමියා සහ බිරිඳ ලෙස පෙනී සිටියත් මේ වන තෙක් නීත්‍යානුකූලව විවාහ වී නොමැති බවට පොලිසිය කළ විමර්ශනයේදී අනාවරණ වී තිබෙනවා.
මෘත දේහය කොළඹ ජාතික රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නවගමුව පොලිසිය විසින් පවත්වාගෙන යනු ලබනවා.
Hits: 3