දෙසැම්බර් 04 වැනිදාට පෙර බෙදාහැර මේ වන විට නිවෙස්වල සහ වෙළෙඳසල්වල ඇති මුද්‍රා තැබූ භාවිත නොකළ එල්.පී ගෑස් සිලින්ඩර වහාම නැවත කැඳවන ලෙස පාරිභෝගික අධිකාරිය ලිට්‍රෝ සමාගමට නියෝගයක් නිකුත් කර තිබෙනවා.
දිවයින පුරා සිදු වූ ගෑස් පිපිරීම් ආශ්‍රිත සිදුවීම් පිළිබඳ සොයාබැලීමට ජනපතිවරයා විසින් පත් කළ විශේෂ කමිටුවේ වාර්තාව මාධ්‍යයට ඊයේ(07) නිකුත් කෙරුණා.
එහි දී එම කමිටුව විසින් සිදු කළ පරීක්ෂණවල එක් නිරීක්ෂණයක් වූයේ, ගෑස් පීඩනය යම්තාක් දුරකට වැඩි වී ඇති බවටයි.
ඒ හේතුවෙන් රෙගියුලේටර් සහ ගෑස් බට පුපුරා යෑම ඇතුළු නිරන්තර පරීක්ෂාවට ලක්නොවූ ගෑස් ලිප්වලට හානිවීමේ සිදුවීම් ද මෙම කමිටුවේ අවධානයට යොමු වී තිබෙනවා.
මෙම කමිටුව විසින් සිදු කළ නිර්දේශ සැලකිල්ලට ගනිමිනුයි ලිට්‍රෝ සමාගමට පාරිභෝගික අධිකාරිය විසින් අදාළ නියෝගය නිකුත් කර තිබෙනවා.
Hits: 2