මාළු ලොරියේ රුපියල් කෝටි 4 කට අධික කේරල ගංජා

රොමේෂ් මධුෂංඛ - වන්නි

0 20

යාපනයේ සිට කොළඹට මාළු රැගෙන යන මුවාවෙන් රුපියල් කෝටි4කට අධික වටිනාකමින් යුතු කේරලගංජා කිලෝ 154 ක් රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු වවුනියාව ඕමන්ත ප්‍රදේශයේදී ඊයේ (07) සවස අත්අඩංගුවට ගත් බව ඕමන්ත පොලීසිය පවසනවා.

යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ ඕමන්ත යුදහමුදා සහ පොලිස් ඒකාබද්ධ මුරපොලේදී සැකකටයුතු මාළු ලොරියක් යුදහමුදා සෙබළුන් සහ පොලිස් නිලධාරීන් විසින් පරික්ෂා කර තිබෙනවා.

එහිදී ලොරියේ ගබඩා කොට තිබූ මාලු පෙට්ටි තුළ මෙම කේරල ගංජා තොගය සඟවා තිබියදී සොයාගැනුණු බවයි පොලිසිය පවසන්නේ.

ලොරි රථය සහ එහි රියදුරු සමග සහයකයාද අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් පියවර ගත්තා.

කලක සිට මෙලෙස කේරල ගංජා ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් උතුරේ සිට දකුණට විවිධාකාරයෙන් ප්‍රවාහනය කෙරෙන බවට ආරක්ෂක අංශවලට ලැබී ඇති තොරතුරුවලට අනුව සෝදිසි කිරීම් දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (08) දිනයේදී වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද වැඩිදුර පරික්ෂණ සිදුකරන ඕමන්ත පොලීසිය කියා සිටියා.

Hits: 3

You might also like
Comments
Loading...