බැඩ්මින්ටන් අන්තර්ජාතික ජයග්‍රහණයක්

0 9

Yonex Sunrise Bangladesh ජාත්‍යන්තර බැඩ්මින්ටන් අභියෝගත කුසලානය 2021 තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයින් දෙදෙනෙක් පිරිමි ද්විත්ව තරගයේදී එහි ශූරතාව හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා.

මෙම තරගාවලිය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා යුද හමුදා බැඩ්මින්ටන් ක්‍රීඩා කමිටුවට අයත් ක්‍රීඩකයින් වන ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකායේ සාමාන්‍ය සෙබළ බී.ටී.ඩී.ඩී. ගුණතිලක සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ ආධුනික සෙබළ එච්.එස්.පී. ඩයස් යන ක්‍රීඩකයින් මෙලෙස ශූරතාව ජයග්‍රහණය කිරීමට සමත්ව තිබෙනවා.

තරගාවලිය දෙසැම්බර් මද 5 වැනිදා බංග්ලාදේශයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, මැලේසියාව, මාලදිවයින, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, තායිලන්තය, සැම්බියාව සහ සිම්බාබ්වේ යන රටවල් 9 තරගාවලිය සඳහා එක්ව තිබෙනවා.

 

You might also like
Comments
Loading...