බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රියේ ගැටී එකම පවුලේ පියා, මව සහ පුතා ජිවිතක්ෂයට පත් වී ඇති බව වටවල පොලිසිය පවසනවා.
මොවුන් තිදෙනා රොසැල්ල සහ වටවල දුම්රිය ස්ථාන අතර 103 සැතපුම් කණුව ආසන්නයේදී අද (08) උදැසන 11.45 ට පමණ දුම්රියේ ගැටී තිබෙනවා.
දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් තිදෙනා මස්කෙලිය සාමිමලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට තහවුරු කරගෙන ඇත.
උඩරට මැණිකේ දුම්රිය රොසැල්ල දුම්රිය ස්ථානයට ළගාවිමට ප්‍රථම එම තිදෙනා රොසැල්ල දුම්රිය ස්ථානයේ සේවකයින්ගෙන් දුම්රිය ධාවනය වන වේලාවන් අසා රොසැල්ල දුම්රිය ස්ථානයේ සිට වටවල දුම්රිය ස්ථානය දෙස ගමන් කල බව රොසැල්ල දුම්රිය ස්ථානයේ සේවකයෙකු කියා සිටියා.
මෙම තිදෙනා දුම්රියට පැන සිය දිවි හානි කර ගත්තාද නැතහොත් දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් වුවාද යන්න පිලිබදව වටවල පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.
දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් තිදෙනාගේ සිරුරු එම දුම්රියෙන්ම නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත රැගෙන ගොස් භාරදිමට එම දුම්රියේ ආරක්ෂක අංශ නිලධාරින් පියවර ගත්තා.
දුම්රියේ ගැටි මියගිය ශාන්ත කුමාර් රාජ් (40) අයෙකු මස්කෙලිය සමිමලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට ඔහුගේ ජාතික හැදුනුම්පතෙන් වටවල පොලිසිය තහවුරු කරගෙන තිබෙනවා.
Hits: 3