විදුලි සැර වැදීමෙන් කාන්තාවක් මරුට

0 16

බණ්ඩාරවෙල, කුරුකදේගම ප්‍රදේශයේ කුඹුරු ඉඩමක ආරක්ෂාව සඳහා අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක පැටලීමෙන් කාන්තාවක් මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 60ක් පමණ වූ කුරුකදේගම පදිංචි කාන්තාවක් බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

මෘත දේහය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘතදේහය දියතලාව රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කෙරුණා.

අනවසරයෙන් විදුලි රැහැන් අදින ලද සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද(11) දින බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

 

Hits: 3

You might also like
Comments
Loading...