රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි මරණයට පත්වු බාල වයස්කාර හිෂාලිනීගේ මරණයට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලමින් ඩයගම වතුයායේදි නිහඩ විරෝධතාවයක් ඊයේ (10) දින සවස සිදු කර තිබෙනවා.
ජත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිති කර ගෙන ප්‍රොටෙක්ට් සංගමය විසින් මෙම නිහඩ විරෝධාවය සංවිධානය කර තිබු අතර මෙම විරෝධාවය සදහා එම වතුයායේ කාන්තාවන් පිරිසක් තම කුඩා දරුවන්ද සමග විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් එක්ව සිටි අතර මෙම අවස්ථාවට පාසල් සිසුන් පිරිසක්ද එක්ව සිට තිබෙනවා.
මෙම නිහඩ විරෝධතාවයේදි අදහස් දැක්වු ප්‍රොටෙක්ට් සංගමයේ ප්‍රධාන ලේකම් කල්ප මධුරංග මහතා පවසන ලද්දේ රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි පිලිස්සි මිය ගිය බාල වයස්කාර හිෂාලිනි දැරියගේ මරණය පිලිබදව සිදු කරන පරික්ෂන කඩිනම් කර ඇයට යුක්තිය ඉටු කිරිමට පියවර ගත යුතු බවයි.
මානව හිමිකම් දිනය සිහිපත් කලද මෙරට ජිවත්වන අපිට මානව හිමිකම් තිබේද යන්න ප්‍රශ්නයක් බවත් දැනට මාස හතරක් පමණ ගතව ඇති ඉෂාලිනී දැරියගේ මරණය පිලිබදව යුක්තිය ඉටු කිරිමට තවමත් නොහැකිවි ඇති බවද ඔහු පවසා සිටියා.
ඉෂාලිනි දැරියගේ මරණය පිලිබදව යුක්තිය නිසි ලෙස ඉටු කල යුතු බවත් එම මරණයට යුක්තිය ඉටුවන තෙක් තම සංගමය මෙන්ම රටම බලා සිටින බවද කල්ප මධුරංග මහතා වැඩිදුරටත් කියා සිටියා.
මෙම විරෝධතාව අතරතුරදි විශේෂයෙන් වතු කම්කරු කාන්තාවන්ට සිදුවන විවිධ හිරිහැර පිලිබදව වතු කම්කරුවන් දැනුවත් කිරිම සදහා විථි නාට්‍යක් රගදැක්විමටද ප්‍රොටෙක්ට් සංගමය මගින් පියවර ගෙන තිබුණා.
Hits: 4