බෝම්බයක් විකුණන්න හැදූ අයෙක් අත්අඩංගුවට

0 11

රුපියල් 5000ක මුදලකට බෝම්බයක් අලෙවි කිරීමට උත්සහ කළ පුද්ගලයෙකු කැස්බෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ  “මොරටුමුල්ලෙ ඔස්කා” නමැත්තෙකු බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ. 

බෝම්බයක් අලෙවි කිරීමට මොරටුමුල්ලේ ප්‍රදේශයේ අයෙකු ගැණුම්කරුවෙකු සොයමින් සිටින බවට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

එහිදී පොලිසිය උපාය දූතයෙකු යොදවා බෝම්බය මිලදී ගන්නා බව පවසා සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තම මිතුරෙකු සතුව තිබූ බෝම්බයක් ඔහුගෙන් සොරකම් කර මෙලෙස මෙලෙස විකිණීමට උත්සහ කළ බවයි සැකකරු පොලිසිය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

සැකකරු මත්කුඩු පානය කිරීම සඳහා ඇබ්බැහි වී සිටින අයෙකු බවත් ඔහු අපරාධ ගණනාවක් සඳහා නඩු රැසක් ඇති පුද්ගලයෙකු බවත් පොලිසිය පවසනවා.

සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කැස්බෑව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා..

 

Hits: 4

You might also like
Comments
Loading...