පෞද්ගලික බස් රථයක් අඩි 75 ක් පමණ ප්‍රපාතයට – අයෙක් මරුට – 9ක් රෝහලට

රංජිත් රාජපක්ෂ - හැටන්

0 15

හැටන් දික්ඔය සලංකන්ද සිට හැටන් නගරයේ පිහිටි පෞද්ගලික ආයතනයකට සේවකයින් රැගෙන පැමිණි බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 75 පමණ ප්‍රපාතයේ පිහිටි ඇළ මාර්ගයකට පෙරලිමෙන් බස් රථයේ ගමන් ගත් අයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් නව දෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහලට අද (28) උදෑසන ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පවසනවා.

අද(28) උදැසන 6.30ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ සලංකන්ද හැටන් ප්‍රධාන මාර්ගයේ බටල්ගල ප්‍රදේශයේදීයි.

අධික වේගයෙන් ධාවනය වී ඇති බස් රථයේ වේගය පාලනය කරගත නොහැකිව ප්‍රපාතයට පෙරලී ඇති බවට අනතුර පිළිබද පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය සැකකරනවා.

බස් රථයේ රියදුරා අතුරුදහන්ව ඇති බවත්, රෝහල්ගත කළ අයගේ තත්ත්වය තරමක් බරපතල බවත් හැටන් පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

Hits: 7

You might also like
Comments
Loading...