මෙරට කොවිඩ් රෝග පාලනය සෞඛ්‍ය පද්ධතියෙන් ගිලිහීයාමේ අවදානමක්

උපුල් රෝහණ - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති

0 15

දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ වාර්තාවීම ඉහළ යාම හේතුවෙන් රෝහල් ධාරිතාව සහ ප‍්‍රතිකාර මධ්‍යස්ථාන පිරීයාම හේතුවෙන් මෙරට කොවිඩ් රෝග පාලනය සෞඛ්‍ය පද්ධතියෙන් ගිලිහීයාමේ අවදානමක් මතුව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

සමාජ ඒකරාශීවීම් සහ සංචරණ අවම නොකර කටයුතු කරන්නේ නම් හෝ ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස ක‍්‍රියාත්මක නොකරන්නේ නම් රට යළි විශාල ව්‍යසනයකට යාම වැළැක්විය නොහැකි බවද හෙතෙම කියා සිටිනවා.

දැඩි සංචරණ සීමා පැනවීමකට හෝ රට නැවත අගුලු දැමීමකට යාමට මෙරට ආර්ථික තත්ත්වය නරක ලෙස බලපා ඇති නිසා රටේ සියලු දෙනා කොවිඩ් වෛරසය පිළිබඳ හොඳ සිහියෙන් කටයුතු කළ යුතු බවද ඒ මහතා කියා සිටිනවා.

Hits: 11

You might also like
Comments
Loading...