බළන්ගොඩ නගර සභාවට නව සභාපතිවරයෙක්

0 13

බළන්ගොඩ නගර සභාවට නව සභාපතිවරයකු තෝරා පත් කර ග ැනීම රත්නපුර දිස්ත්‍රික් පළාත් පාලන කොමසාරිස් දුලිප් සෙනෙවිරතන් මහතාගේ ප්‍රධානත්වයෙන් නගර සභා රැස්වීම් ශාලාවේදී ඊයේ(27) සිදු කර තිබෙනවා.

මින් පෙර සිටි සභාපතිවරයා රජයේ ගැසට් නිවේදනයක් මගින් ඉවත් කිරීමෙන් පසුව පුරප්පාඩු වූ සභාපති තනතුරට එහි මන්ත්‍රීවරයෙකු වූ වසන්ත පුෂ්පකුමාර ගුණරත්න මහතා (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) පත්වූයේ වැඩි ඡන්ද හතරක් ලබාගෙනයි.

මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හත් දෙනාත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් තිදෙනාත් වසන්ත පුෂ්පකුමාර ගුණරත්න මහතා සභාපති ධුරය සඳහා පත් කිරීමට පක්ෂව ඡන්දය ලබාදී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයෙන් සභාපති තනතුර සඳහා ඉදිරිපත් වූ නාගරික මන්ත්‍රී එච්.ඩබ්ලිව්. විමලසිරි මහතාහට එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරුන් හය දෙනාගේ ඡන්දය හිමි විය.

ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.

නිලවරණය සිදුවන අවස්ථාවේදී විදුලිය විසන්ධි වී තිබූ අතර නගර සභාව ඉදිරිපිට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද යොදා තිබුණි.

සභාපතිවරයා පත් කිරීමේ නිලවරණය පැවැත්වෙන අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට ද ඉඩ ලබා නොදීම විශේෂත්වයකි.

Hits: 6

You might also like
Comments
Loading...