යකඩ ඉන්නකින් පහරදි අයෙකු ජිවිතක්ෂයට

මාධව කුලසූරිය - වවුනියාව

0 21

වවුනියාව, බෝගස්වැව නන්දිමිත්‍ර ගම්මානයේ පුද්ගලයෙකුට යකඩ ඉන්නකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවකු අද (22) අලුයම අත්අඩංගුවට ගත් බව බෝගස්වැව පොලිසිය පවසනවා.

පුද්ගලික ආරවුලක් මත සිදුවූ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් ඊයේ(21) රාත්‍රියේ අදාළ පහරදීම සිදුව ඇති බව පොලිසිය පවසන්නේ.

පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ 347, තුන්වන පටුමග, නන්දිමිත්‍රගම පදිංචි සෝලංගආරච්චිගේ නිශ්ශංක නැමති 54 හැවිරිදි පුද්ගලයකු පහරකෑමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ගැටුම අතරතුර සැකකරු නිවසේ තිබූ යකඩ ඉන්නක් ගෙන මියගිය පුද්ගලයාගේ හිසට පහරදී ඇති බවට මුලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.  

පහරකෑමෙන් බරපතල තුවාල ලබා සිටි පුද්ගලයා ප්‍රදේශවාසීන් විසින් වවුනියාව රෝහල වෙත රැගෙනගොස් ඇති අතර එහිදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව, මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය වවුනියාව මහ රෝහලේදී සිදු කෙරුණා.

සැකකරු වවුනියාව, නන්දිමිත්‍රගම පදිංචි වයස අවුරුදු 51 පුද්ගලයකු වන අතර, ඔහු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් බෝගස්වැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

         

Hits: 9

You might also like
Comments
Loading...