ගුරුවරයකුට මරු කැඳවූ නුග ගස කැපීමට  හවුල් පහක් අත්අඩංගුවට

ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක - මස්කෙළිය

0 18

තලවකැලේ, මල්ලියප්පුව ප්‍රදේශයේ පිහිටි පැරණි විශාල නුග ගසක් කැපීමට යාමේදී ඊට යට වී ගුරුවරයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමට සම්බන්ධයෙන් සැකපිට  කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු  ඊයේ (22) අත්අඩංගුවට ගත් බව ලිඳුල පොලීසිය පවසනවා.

මල්ලියප්පුව ප්‍රදේශයේ  කාන්තාවන් දෙදෙනෙකු, ගස කපන ලද නානුඔය ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු හා ගස කැපීමට කොන්ත්‍රාත් ලබාගත් නුවරඑළිය ප්‍රදේශයේ  පුද්ගලයෙකු   මෙසේ පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පිරිස විසින් කිසිඳු  ආරක්ෂිත  ක්‍රමවේදයන්  භාවිතා නොකර  පැරණි   විශාල නුග ගස කපන අවස්ථාවේ යතුරු පැදියකින් තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි  ගුරුවරයෙකු මතට කපමින් සිටි ගසේ අත්තක් කඩා වැටී ඊට යටවීමෙන් පෙරේදා (21) සවස එම ගුරුවරයා ජීවිතක්ෂයට පත්වූවා.

තලවකැලේ දෙමළ මහ විදුහලේ ගුරුවරයෙකු ලෙස සේවය කරන ලද වේලුසාමී මහේෂ්වරන් (39) නැමැති අයෙකු මෙසේ මිය ගොස් ඇති අතර, ඔහුගේ මරණයට හා පැරණි නුග ගස කපා දැමීමට විරෝධය පාමින් තලවකැලේ නගරයේ හා ඒ අවට වැසියන් තලවකැලේ- නුවරඑළිය මාර්ගය හරස් කරමින් විරෝධතාවයක පවා නිතර වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (22) නුවරඑළිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබුණි.

ලිඳුල පොලීසිය  මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනු ලබනවා.

Hits: 6

You might also like
Comments
Loading...