කනගරායන්කුලමේ රිය අනතුරකින් තරුණියක් මරුට

මාධව කුලසූරිය - වවුනියාව

0 7

වවුනියාව, කනගරායන්කුලම ප්‍රදේශයේදී ඊයේ(22) සිදුවු රිය අනතුරකින් තරුණියක් ජිවිතක්ෂයට පත්ව ඇති බව කනගරායන්කුලම පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ සිය පියා සමඟ බස් රථයකට ගොඩවීමට උත්සහ කළ තරුණියක් ලොරි රථයක් ගැටීමෙන් එලෙස මියගොස් ඇති බවයි.

අනතුරින් වවුනියාව, කනගරායන්කුලම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ශිවසුබ්‍රමනියම් සින්දුජා නමැති තරුණියක් ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

අදාළ තරුණිය සිය පියා සමඟ බස් රථයකට ගොඩවීමට උත්සහ කිරීමේදී බස් රථයට පසුපසින් පැමිණි ලොරි රථයක වේගය පාලනය කර ගැනීමට නොහැකිව අදාළ තරුණියගේ හා පියාගේ ගැටී ඇති බව අනාවරණය වි ඇති බවයි පොලිසිය පවසන්නේ.

පොලිසිය වැඩිදුරටත් පැවසූවේ අනතුර සිදුවු ස්ථානයේදීම තරුණිය ජිවිතක්ෂයට පත්ව ඇති අතර, වයස අවුරුදු 60 ක් වන තරුණියගේ පියා බරපතල තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති බවයි.

සිද්ධියට අදාළ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් කනගරායන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Hits: 5

You might also like
Comments
Loading...