ජනප්‍රිය මෝස්තර නිරූපිකාවක් අතවරයට ලක්වෙයි

0 15

ජනප්‍රිය මෝස්තර නිරූපිකාවක් දූෂණය කිරීමට තැත් කළ බවට පැමිණිල්ලක් මුම්බායිහි ඔෂිවරා පොලිස් ස්ථානය වෙත ලැබී තිබෙනවා. 

මෙලෙස මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ ඉශිකා බෝරා (Ishika Borah) නමැති ජනප්‍රිය මෝස්තර නිරූපිකාව බවයි ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය වාර්තා කරන්නේ. 

ඇය එම පැමිණිල්ලදි පවසා ඇත්තේ වතු නියෝජිතයෙකු වන මනීෂ් ගුප්තා නමැති පුද්ගලයා විසින් තමන්ට අතවර සහ දූෂණය කිරීමට තැත් කළ බවයි.

ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහයේ U/S 354 සහ 506 යටතේ මෙම පැමිණිල්ල පසුගිය 18 වැනිදා ගොනු කර ඇති බවයි ඔෂිවරා පොලිසිය පවසන්නේ. 

ඉන්දිය මාධ්‍ය පවසන්නේ ඉෂිකා පදිංචිව සිටි මහල් නිවාසයේ ඉෂිකාගේ මහලට ඉහළින් ඇති මහලේ ජල කරාම විවෘත කර තැබීම හේතුවෙන් ජල කාන්දුවක් සිදුව ඇති බවත් එම හේතුවෙන් ඉෂිකාගේ පෞද්ගලික භාණ්ඩ සහ විදුලි උපකරන සහ තවත් දේපලවලට හානි සිදුව ඇති බවයි. 

කෙසේ වෙතත් පසුව ඉෂිකා මහල් නිවාසයේ හිමියන් සහ සමිති සාමාජිකය්න සමග සාකච්ඡා කිරීමෙන් පසුව වතු නියෝජිතයා අදාළ පාඩුව ගෙවීමට එකඟතාවය පළ කර තිබෙනවා. 

කෙසේ වෙතත් එම පාඩුව පියවීමට අසමත් වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමසූ විට ඇයට බැන වදිමින් තර්ජනය කරමින් අසභ්‍ය වදන් ප්‍රකාශ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ. 

අදාළ පුද්ගලයා තම නිවසේ ජල ගැටළුවක් පරීක්ෂා කරන මුවාවෙන් පැමිණ තමන්ව ලිංගික අපයෝජනයට ලක් කිරීමට දැඩි උත්සාහයක් ගත් බවයි.

සැකකරු ඇගේ ශරීර බලහත්කාරයෙන් ඇල්ලූ බවත්, ඊට එකග නොවීම හේතුවෙන් ඇයට පහරදුන් බවට ඉෂිකා විසින් පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ අපයෝජනය (354 වගන්තිය) සහ තර්ජන (506 වගන්තිය) සම්බන්ධයෙන් ඔෂිවාරා පොලිසිය ගුප්තාට එරෙහිව FIR (CR No 0111/2022) පැමිණිලි කර තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් මුම්බායි පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතයි.

Hits: 7

You might also like
Comments
Loading...