දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තවත් ලකුණු 84ක් පිටුපසින්

0 21

IPL ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය මේ වන විට ඉන්දියාවේ Brabourne ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ විසාය දිනාගත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 177ක් ලබාගැනීමට සමත් වූවා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ඉශාන් කිසන් නොදැවී ලකුණු ලකුණු 81ක් ලබාගත්තේ පන්දු 48කදී හතරේ පහර 11ක් සහ හයේ පහර දෙකක් සමගින්.

නායක රෝහිත් ශර්මා ලකුණු 41ක්ද Tilak Varma ලකුණු 22ක්දා ලබාගැනීමට සමත් වූවා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 177ක් ලබාගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වූවා.

පන්දු යැවීමේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දුවාර හතරකදී ලකුණු 18කට කඩුලු තුනක් දවා ගැනීමට කුල්දීප් යාදෙව් සමත් වූවා.
ඛලීල් අහ්මෙඩ් කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වූවා.

ලකුණු 178ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 10ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 94ක් ලබාගෙන සිටිනවා.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් Prithvi Shaw ලකුණු 38ක්ද Tim Seifert ලකුණු 21ක්ද ලබාගැනීමට සමත් වූවා.

පන්දු යැවීමේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් Basil Thampi සහ Murugan Ashwik කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වූ අතර Tymal Mills එක් කඩුල්ලක් දවා ගත්තා.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට සිය ජයග්‍රහණය සඳහා තවත් පන්දුවාර 8ක් තුළදී ලකුණු 84ක් ලබාගත යුතු වනවා.

Hits: 3

You might also like
Comments
Loading...