පූර්ණ එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කෙරෙන තැන් ගැන ඉඟියක්

0 6

කොවිඩ් එන්නත් කාඩ් පත අනිවාර්ය කෙරෙන පොදු ස්ථාන ප්‍රකාශයට පත් කිරීම ඉදිරි දින කිහිපය තුළ සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. 

අප්‍රේල් මස 30 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පොදු ස්ථාන සඳහා එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම පිළිබඳ නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව  මෙය සිදු කෙරෙනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කළ බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අදාළ ස්ථාන නිවේදනය කෙරනු ඇති බවත්ය.

ඊට අදාළ සාකච්ඡා මේ වන විට සිදු වෙමින් පවතින බව කියා සිටි ඒ මහතා කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කෙරෙන ස්ථාන සම්බන්ධයෙන් කොවිඩ් මර්දනය සඳහා වන තාක්ෂණික කමිටුව විධිමත් ලෙස සළකා බලමින් සිටින බව ද කියා සිටියා.

පූර්ණ එන්නත්කරණයට ලක්වූ බව සඳහන් එන්නත් කාඩ්පත ඉදිරිපත් කිරීම ඉදිරියේදී අනිවාර්ය වන බව කියා සිටි ඒ මහතා මෙතෙක් බූස්ටර් මාත්‍රාව ලබා නොගත් පුද්ගලයන් කඩිනමින් එය ලබා ගැනීම සඳහා යොමු වන ලෙසද දන්වා සිටිනවා.

බූස්ටර් එන්නත. ලබා ගනිමින් ආරක්ෂාකාරි වන ලෙසද කියා සිටි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ මේ වන විටත්  ලක්ෂ 78ක පමණ පිරිසක් පමණක් පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති බවයි.

Hits: 4

You might also like
Comments
Loading...