බගවන්තලාව නගරයේ ලිට්රෝ ගැස් අලෙවි නියෝජිතයන්ට කිලෝ 12.5 ගෘහස්ථ ගැස් සිලින්ඩර් 400 සති කිහිපයකට පසු ඊයේ (04) දින නිකුත් කර තිබුණි.
ලිට්රෝ ගැස් සමාගමේ ගැස් සිලින්ඩර් බෙදාෙහරින ලොරි රථවලට ඩිසල් නොමැති නිසා සමාගමේ දැනුම්දීමක් මත අලෙවි නියෝජිතයන් විසින් ගිනිගත්හේන රංජුරාව ප්‍රදේශයේ ලිට්රෝ ගැස් බෙදාහැරීමේ මධ්‍යස්ථානය වෙත ලොරි රථයක් යවා අදාල ගැස් තොගය බගවන්තලාව වෙත ගෙන්වාගෙන තිබෙනවා.
තමන් වෙත ඊයේ (04) ලද ගැස් තොග පාරිභෝගිකයන්ට බෙදාහැරි බවත්, ඉල්ලුමට සරිලන සැපයුමක් නොතිබුණු නිසා පාරිභෝගිකයන් විශාල පිරිසකට ගෘහස්ථ ගැස් සිලින්ඩර් මිල දි ගැනීමට නොහැකි වූ බවයි ගැස් අලෙවි නියෝජිතයන් කියා සිටියේ.
Hits: 2