දැඩි ආරක්ෂක පියවරයන් යටතේ පාර්ලිමේන්තුව අද(05) පෙරවරු 10ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබෙනවා.
මේ අතර කතානායකවරයා සහ ආරක්ෂක ප්රධානීන් අතර විශේෂ සාකච්ඡාවක්ද ඊයේ(04) දිනයේදී පවත්වා තිබෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාව තර කිරීමටයි කතා නායක මහින්ද යාපා අබේවර්ධන කටයුතු කර ඇත්තේ.
කතානායකවරයාගේ ප්රධානත්වයෙන් අද (04) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ආරක්ෂක අංශ ප්රධානීන් සමග පැවැති විශේෂ සාකච්ඡාවකින් පසුව මෙසේ විශේෂ ආරක්ෂක විධිවිධාන යෙදවීමට පැවැත්වුණු විශේෂ සාකච්ඡාවකදී තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේත් ඒ අවට ප්රදේශවලත් පාර්ලිමේන්තුව වටා පිහිටි දියවන්නා ඔයේත් ආරක්ෂාව තර කෙරෙණු ඇති.
Hits: 3