රොෂාන් රණසිංහගේ නිවසට ප්‍රහාරයක් – ලොකුගේ නිවසට ගල් ප්‍රහාරයක් – කෙහෙළියගේ නිවස අසලත් විරෝධතා

0 8

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ පොළොන්නරුව බැඳිවැව ප්‍රදේශයේ පිහිටි නිවෙසට පැමිණි පිරිසක් ඊට අලාභ හානි සිදු කර ඇති බව වාර්තා වනවා.

ඔවුන් නිවසේ විවිධ භාණ්ඩවලට හානි කර ඇතැයි බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

අදාළ පිරිස පිරිස නිවසින් ඉවත් කිරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර තිබෙනවා.

මේ අතර හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ සහ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන්ගේ නිවෙස් ඉදිරිපිට සිටි පිරිස් විසුරුවා හැරීම සඳහා ඊයේ(04) රාත්‍රියේ කඳුලු ගෑස් ප්‍රහාරය එල්ල කෙරුණා.

කලහකාරී ලෙස හැසිරුණු පිරිස් ගාමිණී ලොකුගේ මහතාගේ නිවෙස ඉදිරිපිට සවිකර තිබූ විශාල කටවුට් එකකට ගිනි තබා තිබූ අතර පසුව නිවෙස දෙසට ගල් ප්‍රහාරයක් ද එල්ල කර තිබුණා.

ඒ අවස්ථාවේ එම පිරිස විසුරුවා හැරීම සඳහායි කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කෙරුනේ.

Hits: 3

You might also like
Comments
Loading...