113 පෙන්වන්න පුළුවන් කෙනකුට ආණ්ඩුව භාර දෙනවා

ජනපති ප්‍රකාශ කළ බව හිටපු ඇමැති ප්‍රසන්න කියයි

0 15

කුමන හෝ පාර්ශ්වයක් පාර්ලිමෙන්තුවේ 113ක බහුතර සහාය පෙන්වන්නේ නම් ඔවුන්ට ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (04) පැවැසූ බව හිටපු ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හා ජනාධිපතිවරයා අතර ජනාධිපති මන්දිරයේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ඇමැතිවරයා මේ බව කියා සිටියා.

මෙම සාකච්ඡාව සඳහා මන්ත්‍රීවරුන් 132 දෙනකු සහභාගි වී සිටි බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණ කරන්නේ.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙලෙස කියා සිටියා. 

‘ජනධිපතිවරයා කිව්වා 113 තියෙනව නම් කවුරු හරි ගෙනැල්ල දුන්නොත් ඒ කෙනාට ආණ්ඩුව භාර දෙන්න පුළුවන් කියළා. ඊට අමතරව සියලුම පක්ෂවලට ආරාධනා කරලා තිබෙනවා ඇමැතිකම් භාරගෙන කැබිනට් එකක් හදන්න. ඉතින් අපි බලාගෙන ඉන්නවා ඒ අයගේ ප්‍රතිචාර. දැන් එයාලට අවස්ථාව දිලා තියෙනවා.‘ 

Hits: 4

You might also like
Comments
Loading...