ඩිසල් ඉල්ලා රියදුරන් හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගය අවහිර කරයි

රංජිත් රාජපක්ෂ - හැටන්

0 11

තම වාහනවලට ඩිසල් ලබාදෙන ලෙස බලකරමින් ඩිසල් ලබාගැනිමට කොටගල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල අසල පොලිම්වල දින ගණනාවක් රැඳීසිටි පිරිසක් හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගය ඉන්ධන පිරවුම්හල අසලින් අවහිර කරමින් ඊයේ(04) පස්වරුවේ උද්ඝෝෂණයක නිරත විම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු විනාඩි 30 පමණ සම්පුර්ණයෙන්ම ඇණහිට තිබුණා.

පස්වරු 3.30 ට පමණ ආරම්භ කෙරුණු උද්ඝෝෂණය හේතුවෙන් හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය පස්වරු 4 දක්වා විනාඩි 30ක කාලයක්  සම්පුර්ණයෙන්ම ඇණ හිටි තිබෙනවා.

උද්ඝෝෂණයේ නියැලි සිටින ඉන්ධන ලබාගැනිමට වාහන පොලිම්වල රැඳීසිටි පිරිස කියා සිටින්නේ ඉන්ධන පිරවුම්හලට දින ගණනාවකට පසු ඊයේ (04) දින උදැසන ඩිසල් ලිටර් 6600 ලැබුණු බවත්, එම ඩිසල් ප්‍රමාණය පොලිම්වල ගාල් කර තිබු වාහනෙවලට නිකුත් කිරීමෙන් පසු අවසන් වූ බවත්, ඒ අනුව කොටගල ඉන්ධන පිරවුම්හලට තවත් ඩිසල් සහිත බවුසරයක් ලබාදෙන ලෙසයි.

උද්ඝෝෂකයන් සමග දිඹුල පතන පොලිසියේ ස්ථානාධිපතිවරයා සාකච්ඡා කර ඊයේ (04) දින පස්වරුවේ යලිත් එම ඉන්ධන පිරවුම්හලට කොටගල ඛනිජ තෙල් නිතිගත සංස්ථා ගබඩා  සංකිර්ණයෙන් ඩිසල් ඉන්ධන බවුසරයක් ලබාදෙන බවට පොරොන්දු විමෙන් පසු උද්ඝෝෂණය තාවකාලිකව නතර කිරිමට උද්ඝෝෂණයේ නිරත පිරිස පියවර ගැණින.

Hits: 2

You might also like
Comments
Loading...