ජනපතිට ගෙදර යන්නැයි නාඋල දි ගුරුවරු ඇතුළු සිවිල් ක්‍රියාකාරින් පාරට බසයි [Photos]

ඉන්දික අරුණ කුමාර - නාඋල

0 21

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ගෙදර යන ලෙස බල කරමින් මහනුවර – යාපනය A-9 මාර්ගය අවහිර කරමින් ඊයේ (04) පස්වරුවේ පිරිසක් විරෝධතාවයේ නිරත වුණි.

පාසල් ගුරු භවතුන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරින් මෙන්ම තරුණ තරුණියන් විශාල පිරිසක් මේ සදහා සහභාගී වී සිටියහ.

වැඩ බැරි ආණ්ඩුව ගෙදර යනු, සර් සර් ඔයාට බැ, හොරා කාපු සල්ලි දිලා යන්න, රාජපක්ෂලා ගෙදර යනු ‘ ආදි සටන්පාඨ කියමින් පිරිස විරෝධතාවයේ නිරත වු අතර, නාඋල ප්‍රාධාන බස් නැවතුම්පල අසල දී විරෝධතාව ආරම්භ විය.

පසුව පිරිස විරොධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පා ගමිනින් දඹුල්ල දෙසට ගමන් කිරිමේ දී හමුවන නාඋල නගරය හරහා වැටි ඇති ඇලහැර මාර්ගයේ පිහිටි ඔරලෝසු කනුව මතට නැගි පිරිසක් සටන්පාඨ කියමින් විරෝධතාවයේ නිරත විය.

එහිදි දඹුල්ල දෙසින් හා මහනුවර දෙසින් පැමිණි රථ වාහන රැසකට ගමනාගමන අපහසුතා ඇති වු අරත නාඋල පොලිසියේ මැදිහත්වීමෙන් එම තත්ත්වය මග හරින ලදි.

පසුව පිරිස යළි නාඋල බස් නැවතුම් පල ආසන්නයටම පැමිණි ගමන් මග ඔස්සේ පාගමනින් ගමන් ගත් අතර එහිදීද පිරිස මාර්ගය අවහිර කරමින් යළි සටන්පාඨ කියන්නට විය.

පැය දෙකකට ආසන්න කාලයක් A-9 මාර්ගය ආසන්නයේ රැදි සිටි පිරිස විවිධ සටන්පාඨ කියමින් අවධාරණය කර සිටියේ තමන් නාඋලින් ආරම්භ කල මෙම සටන ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව ගෙදර යවා මිය නතර නොකරන බවයි.

ඉදිරියේ දී මීටත් වඩා දැඩි තීන්දු ගැනීමට සිදුවන බවත්, ජනතාව පත්වි ඇති අසරණ තත්ත්වයට ඔලුගෙඩි මාරු කර විසදුම් ලබාගත නොහැකි බව ද උද්ඝෝෂකයෝ කියා සිටියහ.

පැවති උද්ඝෝෂණය සදහා රාජ්‍ය සේවයේ නිරත බොහෝ පිරිසක් එක්වී සිටි අතර තරුණ තරුණියන් මෙන්ම විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන තරුණ පිරිස් ද විරෝධතාවය සදහා එක්ව සිටිම විශේෂත්වයකි.

Hits: 2

You might also like
Comments
Loading...