දික්වැල්ල පොලිස් වසමෙ හිරිකැටිය පිහිටි හෝටලයකදී ඊයේ රාත්රී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි දික්වැල්ල පොලිසිය පවසනවා.
වෙඩි තැබීමෙන් ජීවිත ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිගම කඩබැද්දගම – ගුරුබැබිල පදිංචි බණ්ඩාරගේ දර්ශන නැමැති (37 ) සර්ෆ් ක්රීඩාව පුහුණුකරුවෙකු බවට හඳුනාගෙන තිබෙනවා.
වෙඩි වැදීමෙන් මිය ගිය පුද්ගලයා සහ තවත් අයෙකු සමග රාත්රී කෑම කමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.
යතුරුපැදියකින් කිසියම් පුද්ගලයන් දෙදෙනකු පැමිණ ඇති බවත් එහිදී පිටුපස පැමිණි පුද්ගලයා විසින් කිසියම් ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලිසිය පරීක්ෂණ කටයුතු මෙහෙයවනු ලබනවා.
Hits: 2