අනුරපුර ඥානඅක්කාගේ ගෙදරත්, දේවාලයත් සහ හෝටලයටත් ගිනි තබයි

රොමේෂ් මධුෂංඛ - වන්නි

0 7

අනුරාධපුර ඥානඅක්කාගේ නිවසට, දේවාලයට සහ හොටලයට අද (10) අලුයම් කාලයේදී කඩා වැදුණු පිරිසක් විසින් ගිනිතබා සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවට වාර්තා වනවා.

අනුරාධපුර ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි ඥානක්කා නැමති කාන්තාවගේ නිවස ඉදිරිපිටට විරෝධතාකරුවන් පැමිණෙතැයි අවදානම හේතුවෙන් යුද හමුදාවේ 200 කට ආසන්න පිරිසක් කැඳවා ආරක්ෂාවද යොදවා තිබීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් විරෝධතාකරුවන් අද(10) අලුයම 1ට පමණ පළමුව ඥානක්කාගේ නිවසට කඩා වැදී ඇති අතර එහිදී යුද හමුදා සෙබළුන් පළමුව නිවස ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබෙනවා. කෙසේ වෙතත් පසුව විරෝධතාකරුවන් විසින් ඥානක්කාගේ නිවස වටා ඉදිකොට තිබූ බැම්ම කඩා ඇතුලුවීමත් සමග යුද හමුදාව පසෙකට වී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව විරෝධතාකරුවන් විසින් ඥානක්කාගේ නිවසේ බඩු බාහිරාදියද සමහරක් ගම්වාසීන්ට බෙදාදීමෙන් පසුව නිවසට ගිනිතැබීම සිදුකල අතර නිවස සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ වී තිබෙනවා.

ඉන්පසුව ඥානක්කා නමැති කාන්තාවගේ දේවාලයට කඩා වැදුනු විරෝධතාකරුවන් එහිදී ආගමික පිළිම කිසිවකටත් හානි සුදු නොකළ අතර දේපලවලට පමණක් හානි කර ඉවත් තිබෙනවා.

අවසානයේ නවනුවර මාර්ගයේ පිහිටි ඥානක්කාගේ බවට සැලකෙන හෝටලයට කඩාවැදුනු අරගලකරුවන් විසින් හෝටලයේ සියලුම දේපල කඩා විනාශ කොට ගිනි තබා තිබෙනවා.

කෙසේ වෙතත් ඥානක්කාගේ නිවසට තිබූ ආරක්ෂාව නිවසට ගිනිතැබීමෙන් අනතුරුව දේවාලයට සහ හෝටලයට ලබා නොදී ආරක්ෂක අංශ ඉවත්වීමටද පියවර ගෙන තිබෙනවා.

Hits: 0

You might also like
Comments
Loading...