මහීපාල හේරත්ගේ ගොවි පොළකින් ‌යූරියා මිටි 400ක් හමුවෙයි

0 7

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාට අයත් දිඹුලාගල බඳනාගල පිහිටි අක්කර 50 කින් සමන්විත ගොවිපොළේ ගබඩාවකවක යූරියා පෝර මිටි 400 ආසන්න පමණ ප්‍රමාණයක් සහ තවත් රසායනික පෝර මිටි තොගයක් තිබී ඇති අතර ඒවා ගොවීන් බාරයට ගෙන ඇතැයි වාර්තා වනවා.

කුපිත වූ පිරිසක් එම ගොවි පොළට පැන ගොවිපොළේ තිබූ දේපොළවලට ගිනි තබද්දී අදාළ පොහොර තොගය සොයා ගෙන තිබෙනවා.

ගොවිපොලේ ගබඩාවේ තිබූ අත්ට්‍රැක්ටර් කීපයකටද කුපිත වූ පිරිස් විසින් ගිනි තබා විනාශ කොට ඇති අතර, ගබඩාවේ තිබූ වී මිටි විශාල ප්‍රමාණයක්ද ගින්නෙන් විනාශ වී ඇති බවයි පරීක්ෂණ සිදු කරනුලබන සිරිපුර පොලිසිය පවසන්නේ. 

ගොවියන්ට රසායනික පොහොර ඇතුළු යූරියා පොහොර නොමැති වකවානුවක උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයාට අයත් ගොවිපළක මෙතරම් යූරියා මීට ප්‍රමාණයක් තිබීම හාස්‍යයට කරුණක් බවයි ගොවීන් පවසන්නේ. 

කුපිත වූ පිරිස් පොලිසියද පලවා හැර ඇති අතර තත්ත්වය පාලනය කිරීම සඳහා පැමිණි සිරිපුර පොලිසියේ, පොලිස් කණ්ඩායම් ආපසු ගොස් හැරී ගොස් තිබෙනවා.

Hits: 0

You might also like
Comments
Loading...