SDIG දේශබන්දු තෙන්නකෝන්ට පහරදීමට සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට

0 4

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධියට සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය කියා සිටියේ අදාළ සැකකරුවන් දෙදෙනා කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අරලියගහ මන්දිරය අසලා අද(10) පස්වරුවේ පැමිණි අවස්ථාවේ එම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

තෙන්කෝන් මහතට පහරදෙන ආකාරය කිසියම් පුද්ගලයෙක් විසින් ජංගම දුරකතනයකින් වීඩියෝ කර තිබෙනවා.

ඔහුට පහර දෙන පිරිස පසුව ඔහු පැමිණි ජීප් රථයටද පහර දී තිබෙනවා.

 

Hits: 0

You might also like
Comments
Loading...