මුල්ලෙරියාවේ පොලිස් වෙඩි පහරකින් අයෙක් රෝහලට

0 11

මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයාගේ ජීප් රථයට පහරදී ගිනි තැබීමට උත්සාහ කළ පිරිස් පළවා හැරීම සඳහා පොලිසිය අහසට වෙඩි තැබීමෙන් එක් අයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

මුල්ලේරියාව, අංගොඩ හන්දිය ප්‍රදේශයේදී අද(10) පස්වරුවේ මෙය සිදුව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

අඹතලේ ඉන්ධන පිරවුම් හල අසලදී ඊයේ(09) සවස පහරදී අලාභ හානි කර තිබූ බස් රථයක් යුද හමුදාව විසින් මාර්ගයෙන් ඉවත් කිරීමට යාමේදී ප්‍රදේශයේ ජනතාව එයට බාධා එල්ල කර තිබෙනවා.

පසුව එම පිරිස පෙට්‍රල් වත්කර අදාළ බස් රථයට ගිනි තබා ඇති බව යුද හමුදාව මුල්ලේරියාව පොලිසියට දන්වා තිබෙනවා.

අදාළ දැනුම්දීමෙන් පසුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිනි අවස්ථාවේ පිරිස පොලිසියට විරෝධය දක්වා ජීප් රථයට ගල්මුල් ප්‍රහාර එල්ල කර එයට ගිනි තැබීමට සූදානම් වූ අවස්ථාවේදී පොලිසිය අහසට වෙඩි තබා ඇති බවයි පොලිසිය පවසන්නේ.

එලෙස වෙඩි තැබීමේදී අදාළ පුද්ගලයා තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

 

Hits: 1

You might also like
Comments
Loading...