හෙට (11) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීම අවලංගු කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.
මන්ත්රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ මතුව ඇති ගැටලුකාරි තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව කතානායකවරයා වැඩිදුරටත් කියා සිටියේ.
කෙසේ වෙතත් පක්ෂ නායක රැස්වීම ලබන සඳුදා යළි කැඳවීමට තීරණය කර ඇති නමුත් එය ද අවිනිශ්චිත බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් පවසන්නේ.
Hits: 0