රනිල් අගමැති ධුරයේ දිවුරුම්දෙයි

0 5

එක්සත් ජාතික පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබෙනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ කොළඹ කොටුව ජනාධිපති ‌මන්දිරයේදී අද(12) පස්වරුවේ දිවුරුම්දීම සිදුව තිබෙනවා.

රනිල් වික‍්‍රමසිංහ මහතා ශී‍්‍ර ලංකාවේ අගමැතිවරයා ලෙසින් මෙලෙස දිවුරුම් දෙන්නේ 6 වන වතාවටයි.

රටක අග‍්‍රාමාත්‍යවරයා ලෙස හය වතාවක් පත්වූ ලොව එකම දේශපාලනඥයා වන්නේද රනිල් වික‍්‍රමසිංහ මහතායි.

දේශපාලන විචාරකයන් පවසන්නේ එය වාර්තා පොත්වලටද එක්වන බවයි.

රනිල් වික‍්‍රමසිංහ මහතා මෙලෙස ලෙසින් දිවුරුම් දෙන්නේ නිදහස් ශී‍්‍ර ලංකාවේ 26 වන අගමැතිවරයා ලෙසිනි.

ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත්, මෛත්‍රී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව තිබෙනවා.

 

Hits: 3

You might also like
Comments
Loading...