පාර්ලිමේන්තුව හෙට(27) පෙරවරු 10ට රැස්වීමට නියමිතයි.
එහිදී මහජන ආරක්ෂක පනත යටතේ වැඩබලන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද හදිසි අවස්ථා ප්‍රකාශනය පස්වරු 4.30 දක්වා විවාද කිරීමෙන් අනතුරුව අනුමත කරගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
2022 ජූලි 17 දිනැති අංක 2288/30 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් එවකට වැඩබලන ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රකාශනය සිදුකොට ඇති අතර නෛතික ප්‍රතිපාදන අනුව එම හදිසි අවස්ථා ප්‍රකාශනය සඳහා දින 14 ක් තුළ පාර්ලිමේන්තුවේ අනුමතිය ලබා නොගතහොත් එය අවලංගු වී යනු ඇත.
ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතු කොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථාපැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජිවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වා ගෙනයාම සඳහා මහජන ආරක්ෂක ආඥාපනතේ ජනාධිපතිවරයා සතු බලතල ප්‍රකාරව මෙම නිවේදනය නිකුත් කර ඇති බවද ගැසට් පත්‍රයේ සදහන් වනවා.
මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරයේ දිවුරුම්දීම නිසා පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නම් කළ වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස හෙට(27) පෙරවරුවේ දිවුරුම්දීමට නියමිතයි.
Hits: 0