හදිසි නීතිය සම්මත කර ගැනීම නිසා ලබන මාසයේ ජිනීවා නුවරදී පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ල විය හැකි බව හිටපු විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.
ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ(28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජී.එල්.පීරිස් මහතා මෙලෙස කියා සිටියා.
ශ්‍රී ලංකාව අද පවතින තත්ත්වය හමුවේ හදිසි නීතිය සම්මත කර ගැනීම කිසිසේත්ම පිළිගත නොහැකියි. සාමාන්‍ය නීතිය යටතේ රට තුළ පවතින ගැටලු නිරාකරණය කරගත හැකියි. හදිසි නීතිය නිසා රටේ අනවශ්‍ය ගැටලු මතුවෙනවා.
මේ සම්බන්ධව ලබන මාසයේ ජිනීවාහිදී පැවැත්වෙන 51 වරනා මනෙව හ ාමාකමි සමුළුවේදී ගැටලු රැසකට මුහුණදීමට සිදුවෙනවා. හිටපු විදේශ අමාත්‍යවරයකු ලෙස මා මෙය අත්දැකීමෙන් දන්නවා.
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික ගැටලු විසඳාගැනීමට අපට ජාත්‍යන්තර සහය අවශ්‍යයි. නමුත් මෙවැනි හේතු නිසා අපට ජාත්‍යන්තර සහාය ලබාගැනීමේදී ගැටලුවලට මුහුණදීමට සිදුවනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වූ විගස ගාලුමුවදොර අරගලයේ නිරතව සිටි තරුණ තරුණියන්ට පහරදීම අප තරයේ හෙළා දකිනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ එම විසුරුවා හැරීම සිදු කළේ හදිසි නීතිය යටතේ නොවන බවයි. හදිසි නීතිය නොමැතිව කෙසේ සිදුවේදැයි කියා සිතාගත නොහැකියි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරම්භක සාමාජිකයෙක් සහ සභාපතිවරයා ලෙස මම හදිසි නීතියට පක්ෂව ඡන්දය දුන්නේ නැහැ. එය හිතට එකඟව සිදු කළ නොහැකියි.
Hits: 0