බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේදී පැවැති විරෝධතාවක් මෙහෙයවූ බව කියන අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ පැතුම් කර්නර් නමැත්තා ඊයේ(28) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා.
ඉකුත් 18 වැනිදා ඔහු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබූ නමුත් අසනීප තත්ත්වයකින් පෙළෙන බව පවසමින් නීතිඥවරයෙකු මාර්ගයෙන් ලිපියක් ඉදිරිපත් කර තිබූ බව පොලිසිය පවසනවා.
ඉකුත් 13 වැනිදා පැතුම් කර්නර් නමැත්තා බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය ආසන්නයේ තැන තැන රැඳී සිටිමින් ජනතාවට එම ස්ථානයට පැමිණෙන ලෙස විවිධ ක්‍රම ඔස්සේ දැනුම්දෙමින් එහි සිටි පිරිස සමග පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා යොදවා තිබූ මාර්ග බාධක බිඳහෙළිමට මෙහෙයවමින් කටයුතු කර තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
එහිදී විරෝධතාකරුවන් පාලනය කිරීමට උත්සාහ දැරෑ ආරක්ෂක හමුදා කණ්ඩායම් අතර සිටි යුද හමුදා සෙබළුන් දෙදෙනෙකුට පහරදී ඔවුන් සතුව තිබූ ටී-56 ගිනි අවි සහ ජීව උණ්ඩ අඩංගු මැගසින් ද අරගකරුවන් පැහැරගෙන ගොස් තිබුණි. මීගහවත්ත ප්‍රදේශයේ පදිංචි බව කියන පැතුම් කර්නර් නමැත්තාට එරෙහිව අධිකරණයෙන් විදේශ ගමන් තහනමක්ද ඉකුත් 17 වැනිදා ලබාගෙන තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්ස්ලම් ද සිල්වා මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කරනු ලබනවා.
Hits: 0