ජාතික ඉන්ධන බලපත්‍රයට (QR) අනුව ඉන්ධන ලබාගැනීම සඳහා ත්‍රිරෝද රථ පොලිස් ස්ථානවල ලියාපදිංචි කිරීමේදී වාහනයේ ලියාපදිංචි අයිතිය හිමිකරු සතු විය හැති බවට පොලිසිය මගින් කොන්දේසියක් දැමීම නිසා බොහෝ ත්‍රිරෝද රථ හිමියෝ දැඩි අසරණභාවයට පත්ව සිටින බව වාර්තා වනවා.
මෙරට බොහෝ ත්‍රිරෝද රථ සහ යතුරු පැදි මිලදී ගැනීමේදී එම වාහනයේ ලියාපදිංචි අයිතිය හිමිකරු සතුව නොපවතින බවත් මෙවැනි කොන්දේසි දමන්නේ නම් ඉන්ධන ලබාගැනීම ඒ අයට සිහිනයක් පමණක් වන බවත් ත්‍රිරෝද රථ හිමියන් පවසනවා.
ත්‍රිරෝද රථ පොලිසිවල ලියාපදිංචි කිරීම, ලියාපදිංචි අයිතිය වර්තමාන හිමිකරු සතුව තිබිය යුතුවීම ආදිය මෙන්ම QR ක්‍රමය හඳුන්වාදීම හරහා මේ සිදුකරන්නේ රටේ ඉල්ලුම සපුරාලීමට තරම් ඉන්ධන නොමැති නිසා එවැනි පිරිස් ඉවත් කර දැමීමට දැයි ඔවුහු විමසා සිටිනවා.
යතුරුපැදි හිමිකරුවන්, ත්‍රිරෝද රථ හිමිකරුවන් ආදීන් මේ වන විට දැඩි ලෙස රස්තියාදු කරමින් එම පිරිස් අන්ත අසරණ කරමින් සිටින බවටද ඔවුන් පවසනවා.
රටේ අවශ්‍යතාවයට ඉන්ධන ගෙන ඒමට නොහැකි පාලකයින් මේ සිදුකරන්නේ කුමක්දැයි නොතේරෙන බවද ඔවුහු වැඩිදුරටත් පවසා සිටිනවා.
Hits: 0