රූපවාහිනියට කඩාපැන්න තිදෙනාට රටින් පිටවීම තහනම්

සුගතානන්ද හිමිටත් ළහිරුටත් වරෙන්තු

0 29

පසුගිය 13 වැනිදා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් කඩාවැදී විකාශන කටයුතුවලට බාධා කිරීම ඇතුළු චෝදනා එල්ල වී ඇති ධානීස් අලි, රොසාන් අලි සහ කැළුම් චමින්ද අමරසිංහ යන තිදෙනාට විදේශගතවීම වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා නියෝගයක් නිකුත් කර තිබෙනවා.

රූපවාහිනී සංස්ථාවට කඩාවැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල ප්‍රධාන සැකකරුවන් ලෙස ඔවුන් හඳුනාගෙන ඇති බව පෙන්වා දෙමින් කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කර තිබෙනවා.

මේ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ළහිරු වීරසේකර, ටැම්පිටියේ සුගතානන්ද හිමියන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ(28) වරෙන්තු නිකුත් කර තිබෙනවා.

අධිකරණ නියෝග කඩකරමින් මහජන පීඩාවක් වන පරිදි උද්ඝෝෂණයක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවක් කැඳවූ අවස්ථාවේදි එම සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා මහේස්ත්‍රාත්වරයා එම වරෙන්තු නියෝගය නිකුත් කර තිබෙනවා.

Hits: 0

You might also like
Comments
Loading...