අරගලයේ නිරතව සිටින තරුණයන්ගේ ඉල්ලීම වන්නේ රටේ තිබෙන ක්‍රමය වෙනස් කිරීම බවත් ඒ ඉල්ලීම තමා ද පිළිගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පෙරේදා (27) පස්වරුවේ පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට ගොස් එහි කාර්ය මණ්ඩලය හමු වූ පළමු අවස්ථාවේදීයි.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, ජාතික සංවිධායක සාගල රත්නායක, පක්ෂයේ ප්‍රධාන විධායක නිලධාරී ශමල් සෙනරත් යන මහත්වරුන් විසින් පක්ෂ මූලස්ථානය වෙත පැමිණි වික්‍රමසිංහ මහතාව පිළිගනු ලැබුවා.
සියලු දෙනාටම රටේ නීතියට අනුව සාමකාමී විරෝධතාවල නිරතවීමට ඉඩ ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා අරගලයේ නිරත වූවන්ට ද එම අයිතිය ඇති බව කියා සිටියා.
විවිධ දක්ෂතා ඇති තරුණ තරුණියන් අරගලයට එක්ව සිටි අයුරු තමා දුටු බවත් ජනාධිපති වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියා.
තමා ජනාධිපති ධූරය භාර ගත්තේ රට ඉතා අසීරු තත්ත්වයක පවතින අවස්ථාවේ බව සඳහන් කළ ජනාධිපතිවරයා ආර්ථික අභියෝගය ජය ගනිමින් රට ඉදිරියට ගෙන යෑමට මේ වන විට පියවර රැසක් ගෙන ඇති බව ද අවධාරණය කළා.
මේ අවස්ථාවට එක්සත් ලක් වනිතා සංගමයේ සභාපතිනි ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය, ඒජාප නිලධාරීන්, පක්ෂ සාමාජිකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
Hits: 2