රජයේ සහ රජය අනුමත පෞද්ගලික පාසල් අගෝස්තු මස 01 සිට 05 වනදා දක්වා වූ සතිය තුළදී ද දින තුනක් පමණක් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව මෙම සතියේදී පාසල් පැවැත්වෙන්නේ සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවලදීයි.
බදාදා සහ සිකුරාදා දිනයන්හිදී නිවසේ සිට ඉගෙනුම් කටයුතුවල නිරත විය හැකි ක්‍රියාකාරකම් හෝ මාර්ගගතව ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට තීරණය කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පවසන්නේ.
අධ්‍යාපනය අමාත්‍යංශය කියා සිටියේ ප්‍රවාහන අපහසුතා නොමැති පාසල්වල විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ එකඟතාවය සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකරුන්ගේ අනුමැතිය මත බදාදා සහ සිකුරාදා දිනවලදීද පාසල් පැවැත්විය හැකි බවයි.
එසේම පාසල් තුළ පවතින තත්ත්වය සලකා සෑම ගුරුවරයකුටම අවම වශයෙන් දින තුනක් පාසලට පැමිණ ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට හැකි වන ලෙස නම්‍යශීලි කාල සටහනක් සකස් කළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
කොවිඩ් සම්බන්ධයෙන් වන සෞඛ්‍යරාක්ෂිත ක්‍රියාමාර්ග කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙසට විශේෂ දැනුම්දීමක් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
Hits: 0