මිද්දෙණිය මල්ශාලා හිමිකරු ඝාතනය කළ කෝටිපතියා අල්ලන්න විමර්ශන

0 7

හමුදාවෙන් පළාවිත් සිටි සෙබළකුට රුපියල් ලක්ෂ විස්සක කොන්ත්‍රාත්තුවක් දෙමින් මිද්දෙණියේ මල් ශාලා හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කරවූ කෝටිපති ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිසිය පවසන්නේ අදාළ කෝටිපති ව්‍යාපාරිකයා මේ වන විට පළාගොස් අතුරුදන්ව සිටීම හේතුවෙන් මෙලෙස විමර්ශන ආරම්භ කෙරෙන බවයි.

ප්‍රභාත් මංජු නමැති මල්ශාලා හිමිකරු ඝාතනය වන්නේ ඉකුත් ජූනි 26 වැනිදායි. බෙලිඅත්තෙන් කුලියට ගත් වැගන් ආර් වර්ගයේ රථයකින් පැමිණි වෙඩික්කරුතවත් අයෙකුගේ සහායෙන් මේ ඝාතනය කර තිබෙනවා.

වෙඩික්කරු සහ ඔහුගේ සහායකයා ගැන සියලු තොරතුරුද මේ වන විට පොලිසිය අනාවරණ කරගෙන ඇති අතර ඔවුන්ව හෙට අනිද්දාම අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවට පොලිසිය විශ්වාසය පළ කරනවා.

වෙඩික්කරු වීරකැටිය විතාරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ සහායකයා මිද්දෙණියේම පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.

මෝටර් රථයේ අංක තහඩුවේ කොටසක් ස්ටිකරයකින් වසාගෙන පැමිණ මෙම ඝාතනය කර තිබෙනවා.

එහි අංකයේ කොටස ඔස්සේ දීර්ඝ විමර්ශනයයක් පැවැත්වීමෙන් අනතුරුව මේ ඝාතනයේ සුලමුල හෙළිකරගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

 

Hits: 0

You might also like
Comments
Loading...