මහනුවර, අම්පිටිය ප්රදේශයේ නිවසක සිටි කාන්තාවක් ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය පවසනවා.
පොලිසිය කියා සිටියේ අද(14) දහවල් කාලයේදී ප්රදේශයේ නිවසක තනිව සිටි කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ගෙල කපා ඝාතනය කර ඇති බවට තොරතුරු ලැබුණු බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ අම්පිටිය ප්රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවක්.
කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් ස්ථානීය පරීක්ෂාවක් සිදු කර ඇති අතර ඝාතනය සිදු වූ ස්ථානයට පැමිණි මහේස්ත්රාත්වරයාද පරීක්ෂණයක් සිදු කර තිබෙනවා.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Hits: 0