මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද (13) පස්වරුවේ සිට කඩින්කඩ වැසි ලැබෙමින් පවතිනවා.
පවතින සුළු වර්ෂාවත් සමග මධ්‍යම කඳුකරයේ ස්ථාන කිහිපයකම ප්‍රධාන මාර්ගවල රථ වාහන ගමනා ගමනයට බාධා වන සේ ඝන මිදුම් තත්ත්වයක් හටගෙන ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා කියා සිටියා.
හැටන් – නුවරඑලිය, හැටන් – කොළඹ, හැටන් – බගවන්තලාව සහ මස්කෙලිය යන මාර්ගවල මෙලෙස මීදුම් තත්ත්වයක් පැවැති බවයි වාර්තා වන්නේ.
පවතින ඝන මිදුම් තත්ත්වය සහ පවතින සුළු වර්ෂාවත් සමග එම මාර්ග වල රථ වාහන ධාවනය කිරිමේදි සැලිකිලමත් ලෙස රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
Hits: 0