රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අත්අඩංගුවට වහාම අත්අඩංගුවට ගැනීමට නියෝග

0 20

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද(13) නියෝග කළා. 

ඒ අභියාචනාධිකරණය හමුවේ අද (13) දිනයේ පෙනී නොසිටීමේ චෝදනාව මතයි.

අධිකරණයට හා මහේස්ත්‍රාත්වරුන්ට අපහාසවන ආකාරයේ ප්‍රකාශයක් පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී සනත් නිශාන්ත මහතා කළ බවට චෝදනා කරමින් අධිකරණ සේවා සංගමය හා නීතිඥවරුන් පිරිසක් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර තිබෙනවා.

පෙත්සම්වල සඳහන් පරිදි අධිකරණයට අපහාස කළ බවට නැගෙන චෝදනාවට අදාළව දඬුවම් නියම නොකිරීමට අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට අභියාචනාධිකරණය නියෝග කර තිබුණා.

නිශ්ශංක බන්දුල කරුණාරත්න හා ආර්. ගුරුසිංහ යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් අද යළි විමසා බැලුණු අතර එහිදී සනත් නිශාන්ත මහතා අධිකරණය හමුවේ පෙනී සිට නැහැ.

ඒ අනුව රාජ්‍ය අමාත්‍ය නත් නිශාන්ත මහතා අත්අඩංගුවට ගෙන වහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අභියාචනාධිකරණය පොලිස්පතිවරයාට නියෝග කළා.

Hits: 1

You might also like
Comments
Loading...