ජනමතයක් නොමැති ආණ්ඩුව, මැතිවරණ ක්‍රමයේ සංශෝධනයකට මුවා වී ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා අවධාරණය කරනවා.
මැතිවරණ කල්දැමීම ඇතුළු රජයේ ප්‍රජාතන්ත්‍ර විරෝධි වැඩපිළිවෙලට එරෙහිව විපක්ෂයේ දේශපාලන පක්ෂ පොදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා ‘නිදහස ජනතා සභාව’ විසින් සංවිධානය කරන ලද පක්ෂ හමුවකට සහභාගී වෙමින් රණවක මහතා මේ බව කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලි චම්පික රණවක මහතා මෙලෙස කියා සිටියා.
ජනාධිපතිතුමා ප්‍රකාශයක් කරලා තිබුණා විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණ ක්‍රමය තුළ සභික සංඛ්‍යාව 8000 සිට 4000 අඩු කිරීම සම්බන්ධයෙන්.
දැනටමත් පළාත් පාලන මැතිවරණය පවත්වනු ලබන්නේ කොට්ඨාශ ක්‍රමයකට මෙන්ම කාන්තා නියෝජනය 25% කියන තේමාව යටතේ කොට්ඨාශ ක්‍රමයෙන් ජය ගැනීමට නොහැකි වෙන පක්ෂ වලට, ඔවුන්ට ලැබුණ ඡන්ද අනුපාතයට අනුකූලව අපේක්ෂකයින් මන්ත්‍රීවරු බවට පත්වෙන සංකීර්ණ ක්‍රමවේදයක් හරහා.
ඒ හේතුව නිසාවෙන් ඡන්ද කොට්ඨාස ප්‍රමාණයට ආසන්නයෙන් 1/3 වඩා වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වුණා මන්ත්‍රීවරු යොදා ගන්න.
එම මන්ත්‍රීවරු ප්‍රමාණය හරි අඩකින් අඩු කරනවා කියන්නේ කොට්ඨාශ ප්‍රමාණයත් හරි අඩකින් අඩු කරන්න වෙනවා. සීමා නීර්ණයකට යන්න සිද්ධ වෙනවා.
දැනටත් පළාත් සභා මැතිවරණය පැවැත්වීම නැවතී තියෙන්නෙත් සීමා නිර්ණය කොමිසමේ වාර්තාව අග්‍රාමාත්‍යවරයාට භාර නොදීම පිළිබඳ කාරණයක් මත.
ඉතාමත්ම පහසු කාරණයක් මත ජනතාවගේ පළාත් සභා මැතිවරණයකදී තමන්ගේ අපේක්ෂකයින්, මන්ත්‍රීවරු තෝරා ගැනීමේ අයිතිය අහිමි කරලා තියෙනවා.
එයම සිද්ධ වෙන්න යනවා පළාත් පාලන මැතිවරණයට.
පළාත් පාලන මැතිවරණය පවත්වන්න නියමිතව තිබුණේ මේ අවුරුද්දේ මාර්තු මාසයේ.
ඒ අවස්ථාවේ මැතිවරණයක් පවත්වන්න පුළුවන් තත්වයක් රටේ තිබුන් නෑ.
කැරලිකාරී තත්වයක් රටේ තිබුනේ.
දැන් ඒ සඳහා අවුරුද්දක කාලයක් ලබා ගත්තා.
නමුත් ඉන් අනතුරුව මාස 6ක කාලයක් තුළ ඒ කියන්නේ මේ සැප්තැම්බර් මාසේ ඉඳන් මැතිවරණ කොමිසමට පුළුවන් මැතිවරණය පවත්වන්න.
එය වැළැක්වීම සඳහා ද මේ කටයුත්ත කරන්නේ කියන සාධාරණ සැකය ඇවිල්ලා තියෙනවා.
පළාත් සභා ක්‍රමයේ මන්ත්‍රීවරු තෝරාගන්නා ක්‍රමය, පළාත් පාලන මන්ත්‍රීවරු තෝරා ගන්නා ක්‍රමය හා පළාත් පාලන ආයතනවල සභාපතිගේ බලතල පිළිබඳව විධිමත් සාකච්ඡාවක් අවශ්‍යයි.
නමුත් එයට මුවා වෙලා මැතිවරණය කල් දැමීම සඳහා එය උපක්‍රමයක් හැටියට භාවිතා කිරීම ඉතාමත්ම බරපතල ප්‍රශ්නයක්.
කද අද රටේ ජනමතය සම්පූර්ණයෙන්ම ආණ්ඩුවට එරෙහිව තියෙන ජනමතයක්. ඒ නිසා මෙය බලහත්කාරයෙන් පාලනයේ රැඳී සිටීම සඳහා ඡන්දය කල් දැමීම සඳහා ගන්න උත්සාහයක් බව ඉතාම පැහැදිලියි.
නතාවත් මේ පිළිබඳව දැනගත යුතුයි. මේ පිළිබඳව නීත්‍යනුකුලව කටයුතු කරන්න අවශ්‍යයි.
Hits: 0