ශ්‍රම බලකායේ ඩිජිටල් දත්ත පදනම සැකසීමට අන්තර්ජාතික කම්කරු සංවිධානයේ සහාය

0 21

ශ්‍රම බලකායේ ඩිජිටල් දත්ත පද්ධතියක් පිහිටුවීමට රජය ගෙන යන වැඩපිළිවෙළට සහය වන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අන්තර්ජාතික කම්කරු සංවිධානයෙන් ඉල්ලා සිටිනවා.

එම සංවිධානයේ මෙරට අධ්‍යක්ෂ සිම්රින් සී සිං(Simrin C Singh ) මහත්මිය සහ එහි රැකියා අංශයේ ජේෂ්ඨ විශේෂඥ ෂර් වෙරික් මහතා (Sher Verick)අග්‍රාමාත්‍ය කාර්යාලයේදී 2022/10/13 අගමැතිවරයා හමුවූ අවස්ථාවේ මේ පිළිබඳව සාකච්ඡා කෙරුණා.

ශ්‍රම බලකායට කෝවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදයේ බලපෑම ,ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග, කම්කරුවන්ට සහ අඩු ආදායම්ලාභී ශ්‍රම බලකායට උපකාර කිරීමට රජය ගෙන ඇති කෙටි කාලීන හා දිගුකාලීන පියවර සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ඔවුන්ව දැනුවත් කළා.

ශ්‍රම බලකායේ නිපුණතා දියුණු කිරීමට රජය දැඩි උනන්දුවක් දක්වන බව අවධාරණය කළ ගුණවර්ධන මහතා ඒ සඳහා ක්‍රියාත්මක කර ඇති පුහුණු වැඩසටහන් පැහැදිලි කර සිටියා.

රැකියාවල ගුණාත්මකභාවය සහ සංඛ්‍යාව වැඩි කිරීම මිනිසුන් දිළිඳුකමින් ගලවා ගැනීමේ ස්ථිරම ක්‍රමය බව ඔහු පෙන්වා දුන්නේ.

සිම්රින් සිං මහත්මිය පැවසුවේ ධනාත්මක ප්‍රවණතාවල යම් සලකුණු තිබියදීත්, ගෝලීය ආර්ථික අවපාතය, සීමිත මූල්‍ය අවකාශය, ණය තිරසාර අභියෝග සහ උද්ධමනය ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති බවයි.

මෙම ගැටළු ශ්‍රම වෙළඳපොල අර්බුදයකට ලක්කර ඇතැයි ඇය පෙන්වා දුන්නාය.

ශ්‍රම බලකායේ යහපැවැත්ම සහ ශ්‍රම බලකායේ කුසලතා නංවාලීම සඳහා රජය විසින් ගනු ලබන සියලුම ප්‍රයත්නයන් සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවට අන්තර්ජාතික කම්කරු සංවිධානයේ නියෝජිත පිරිස සහතික වූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසන්නේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මෙහිදී අවධාරණය කළේ, නිදහස, සමානාත්මතාවය, ආරක්‍ෂාව සහ මානව ගරුත්වය යන තත්ත්වයන් තුළ පිරිමින්ට සහ කාන්තාවන්ට ඵලදායී රැකියාවක් ලබා ගැනීමේ අවස්ථාවන් අන්තර්ජාතික කම්කරු සංවිධානය මගින් නිර්වචනය කර ඇති බවයි.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා ද සහභාගි විය.

Hits: 0

You might also like
Comments
Loading...